ආන්දෝලනයට තුඩු දුන්, අවු.130ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණයි?. අනුරගේ ආණ්ඩුව ගත් තීරණය මෙන්න..

Report

අද(09) අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බවයි.

ගෙවල් ළඟ ගහන්න එපා කියද්දි ගහලා.. ජනපති AKDගෙන් ගේම ඉල්ලන පොහොට්ටුවේ සරණ.. කීව දෙය..(VIDEO)

ගෙවල් ළඟ ගහන්න එපා කියද්දි ගහලා.. ජනපති AKDගෙන් ගේම ඉල්ලන පොහොට්ටුවේ සරණ.. කීව දෙය..(VIDEO)


අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක දී ය.

එමෙන්ම, එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, නුවරඑළිය තැපැල් කාර්යාලය, එම ගොඩනැගිල්ල සහ එහි පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කරන බවය.

වහාම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කළ දෙයක් අවලංගු කෙරේ.. නව ආණ්ඩුවේ වැඩක් ද?.

වහාම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කළ දෙයක් අවලංගු කෙරේ.. නව ආණ්ඩුවේ වැඩක් ද?.


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා,

"නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට තීන්දු ගත්තා.

නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අපි වෙන් කරනවා.

"බැංකු ගිණුම් තහනම් කරනවා.. නැත්නම් දේපළ ටික පවරා ගන්නවා.." - හීන් දාඩිය දාන්නම.. නව ආණ්ඩුව ගත් තීරණය මෙන්න..

"බැංකු ගිණුම් තහනම් කරනවා.. නැත්නම් දේපළ ටික පවරා ගන්නවා.." - හීන් දාඩිය දාන්නම.. නව ආණ්ඩුව ගත් තීරණය මෙන්න..


ඒ්ක වෙන කාටවත් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අපි අත්හිටුවනවා."

කෙසේ වෙතත්, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික අංශයට පැවරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහට ලක් විය.  

වහාම දැනගන්න, නැත්නම් පාඩුව ඔයාටමයි.. මහජන බැංකුවෙන් එකවරම නිවේදනයක් මෙන්න..(PHOTO)

වහාම දැනගන්න, නැත්නම් පාඩුව ඔයාටමයි.. මහජන බැංකුවෙන් එකවරම නිවේදනයක් මෙන්න..(PHOTO)