වහාම වන්දි ලබාදෙන්න - ජනපති නියෝග කරයි

Report

ගොවීන්ට කඩිනම් වන්දි ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික අංශයට සිදු වූ හානිය පරීක්ෂා කිරීම සහ මේ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් පියවර සාකච්ඡා කිරීම සඳහා විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පවත්වා තිබේ.

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

ඊයේ (08) උදෑසන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වීම පැවැත්විණි. අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට අදාළ ඉහළ නිලධාරීන් සහභාගී විය

රුදුරු කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු භෝග හෙක්ටයාර 1,421 කට හානි සිදුවී ඇත. මෙම තත්ත්වය තුළ ගොවීන්ට කඩිනම් වන්දි ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අනුර කුමාර දිසානායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. භෝග හානි හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු අස්වැන්න සියයට 25 කින් පමණ අඩු වී ඇති බව නිලධාරීන් පෙන්වා දී තිබේ.

රජයෙන් ලක්ෂ 2ක දීමනාවක්

රජයෙන් ලක්ෂ 2ක දීමනාවක්

නුවරඑළිය දිස්ත්‍රික්කයට දිනපතා එළවළු සැපයීම සිදු කිරීමට හැකි වී ඇතත්, දෛනික ඉල්ලුමේ පහත වැටීමක් සිදුවී ඇති බව නිලධාරීන් ද ප්‍රකාශ කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු හිඟයක් පවතින බවට සහ මිල ගණන් ඉහළ ගොස් ඇති බවට පැතිර යන අසත්‍ය ප්‍රවෘත්ති ඊට හේතුව බව නිලධාරීන් තවදුරටත් පෙන්වා දී තිබීම විශේෂත්වයකි.