මාලිමාව බිඳවැටේ - මාලිමාව ජනාධිපතිවරණයට වඩා ලක්‍ෂ 12ක්, මහ මැතිවරණයට වඩා ලක්‍ෂ 24ක් අඩුයි..

Report

ඊයේ පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසන් අදියරට ලඟා වී ඇත.

ජාතික ජන බලවේගය ඡන්ද 4,503,930ක් සමඟ ආසන 3,927ක් හිමිකර ගනිමින් ජයග්‍රාහකයා බවට පත්ව ඇත.

මහ නගර සභා 23ක්, නගර සභා 26ක් සහ ප්‍රාදේශීය සභා 217ක් ඇතුළු පළාත් පාලන ආයතන 266කදී එම පක්ෂය ඉදිරියෙන් සිටී.

සමගි ජන බලවේගය ඡන්ද 2,258,480ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, සභා 13ක පෙරමුණ ගෙන ඇත.

මාළිමාවට මොකද වුනේ? විශාල පල්ලම් බැස්මක්

මාළිමාවට මොකද වුනේ? විශාල පල්ලම් බැස්මක්

මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගය බොහෝ පළාත් පාලන ආයතනවල වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ඉදිරියෙන් සිටියද, බහුතරයක් ආයතනවල බලය පිහිටුවීමට අවශ්‍ය බහුතරය හිමිවී නැත.

එම පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද 5,740,179ට වඩා ලක්ෂ 12කට ආසන්න ඡන්ද අඩුවීමක් මෙවර දක්නට ලැබේ.

එසේම, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත් ඡන්ද 6,863,186ට වඩා ලක්ෂ 24ක පමණ ඡන්ද අඩුවීමක් වාර්තා වේ.

සියලුම ප්‍රධාන ගුවන් තොටුපළවල් පැය 48කට වැසේ...

සියලුම ප්‍රධාන ගුවන් තොටුපළවල් පැය 48කට වැසේ...

සමගි ජන බලවේගය පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 4,530,902ක් ලබාගත් අතර, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 1,968,716ක් හිමිකර ගත්තේය.