අපි බලයට ආව දවසෙ ඉඳන් ජාතික ආරක්ෂාව ඉහළම මට්ටමින් තහවුරු කරලා තියෙනවා යම් ප්‍රශ්නයක් ඇති වුණා ඒවත් දැන් සමථයකට පත් කරලා තියෙනවා - ආරක්ෂක නි. අමාත්‍ය
නාවලපිටිය හා කොත්මලේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුව සාමුහිකය ආසන සමුළුව අද දින නාවලපිටිය ජාතික ජන බලවේග සම්බන්ධීකරණ කාර්යාලයේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රණී තුෂාරි ජයසිංහ, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රණී අනුෂ්කා තිලකරත්න ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වා ඇත.
එම අවස්ථාවේදී අදහස් දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසා ඇත්තේ,
අපි මහජන ආණ්ඩුවක්, අපි හොඳ වැඩ තමයි ව්‍යවස්ථානුකූලව ප්‍රතිපත්ති ගරුකව සිදුකරන්නේ, විපක්ෂය හැමදාමත්ම ජාතික ජන බලවේගය ආණ්ඩුවේ හොඳ වැඩවලට විරුද්ධයි.."
ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්
එබැවින් බන්ධනාගාර කොමසාරිස්වරයා පත් කිරීම හා බෝගම්බර බන්ධනාගාරයේ යළි පිහිටවීම පිළිබඳ ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඉදිරි දිනයකදී අදහස් දක්වන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
එමෙන්ම, "අපි බලයට පත්වුණු දවසෙ ඉඳන් ජාතික ආරක්ෂාව ඉහළම මට්ටමින් තහවුරු කරලා තියෙනවා, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් අවස්ථානුකූලව ඇතිවෙලා තියෙනවා ඒවත් දැන් සමථයකට පත් කරලා තියෙනවා."
එසේම මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදුවන බැවින් අදහස් නිකුත් කිරීම සුදුසු නොවෙන බව තමන් විශ්වාස කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූවා.
සමාජ මාධ්‍යයේ සැරිසරන මේ ලින්ක් එක ක්ලික් කළාද? වහාම අමතා ඒ පිළිබඳව දැනුවත් කරන මෙන් සියලු දෙනාටම දැනුම්දීමක්
මේ අතර අධිකරණ අමාත්‍යතුමන්ට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසය පිළිබඳ අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී අනුෂ්කා තිලකරන්න සඳහන් කළේ,
"විශ්වාසය භංග වෙලා තියෙන්නේ ආණ්ඩුවෙ නෙමේ විපක්ෂයේ. ඒ නිසා භංග වෙලා තියෙන විශ්වාසය හරි මොකක්හරි ගොඩනගා ගන්න මොනවා හරි ටිකක් කරමින් ඉන්න්වා ඒක ආණ්ඩුවට අභියෝගයක් නෙමේ ජනතාව අපි සමඟ ඉන්නවා. සරල උත්තරේ එච්චරයි. එසේම තේ ගම්මාන 500ක් ඇති කිරීමේ ජාතික වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දක්වමින් කරන ආණ්ඩු කරපු සමහර ක්‍රියාදාම නිසා ජනතාවට කඳුකර ප්‍රජාවට සිදුකරන වැඩපිළිවෙළ පිළිබඳ අවිශ්වාසයක් ඇති, නමුත් අපි ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා මත්ද්‍රව්‍ය නිවාරණය දිට්ටා ව්‍යසනයේ කළමනාකරණය කිරීම ජාතික සමගිය වර්ධනය කිරීම වගේ වැඩසටහන් සාර්ථකව සිදුකරලා තියෙනවා කියලා, ඒ හින්දා අභියෝග බොහොමයක් තියෙයි ඒත් ජනතාව සමඟ සහයෝගයෙන් ඉදිරියට යන්න අපට පුළුවන්."
රජයෙන් විශේෂ තීරණයක් - විශ්‍රාම වැටුපේ නව වෙනසක් සමඟ මුදල් එක පාර සහ ටික ටික ගන්නත් පුලුවන් නව ක්‍රමයක්
එසේම විශ්වාස භංගය පිළිබඳ අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තුෂාරි ජයසිංහ මහත්මිය කියා සිටියේ,
"පාර්ලිමේන්තුව කියන්නේ මහජන නියෝජිත ආයතනයක්, ව්‍යවස්ථාදායකය, ඉතින් ව්‍යවස්ථානුකූලව තියෙන අයිතිය විපක්ෂය පාවිච්චි කරයි. ඒත් ඒක විශ්වාස භංගය නෙමෙයි මේ වන විට අධිකරණ ඇමතිවරයා කෙරෙහි රටේ සමාජයේ විශ්වාසය වර්ධනයක් සිදුවෙලා තියෙන්නේ"