මාලිමාව යටියන්තොටදි යට යයි - තවත් පරාජයක්
ජාතික ජන බලවේගයට බලය හිමි යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ඡන්ද 4කින් පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙහිදී අයවැයට පක්ෂව ඡන්ද 13ක් ද විපක්ෂව ඡන්ද 17ක් ලෙස ප්‍රකාශ වී ඇත.
මේ අතර අයවැය විවාදය අතරතුර වතුකරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමේ දී උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.
බිලියන 60ක කැබ් ටෙන්ඩරය ටොයෝටා සමාගමට දීම අන්ත දූෂිත ඩීල් එකක් ඊට හොඳයි ටෙන්ඩරයක් නොදැම්මා නම් - චානක
පක්ෂව ඡන්දය ලබාදීමේ දී සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනාම ඡන්දය භාවිත කර ඇත.
එසේම එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, සර්වජන බලය හා ස්වාධීන මන්ත්‍රීවරු අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කර ඇත.