රාජිත බයෙන් ද? හොරු අල්ලන්නෙ ගොඩවෙන්න නෙවෙයි - ආර්ථිකය ආයෙමත් ගිලෙනවලු

Report

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ, වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බැවින් ඉදිරියේදී රට යළිත් විශාල ආර්ථික අර්බුදයකට ගමන් කරනු ඇති බවයි.

“පාර්ලිමේන්තුවේ බලය හිමිවන්නේ කාටද, කවුරු එහා මෙහා යන්නේද යනුවෙන් දාම් බෝඩ් එකක ඉත්තන් මෙන් කතා කිරීමෙන් පලක් නැහැ. මේ රට බේරා ගත හැක්කේ ආර්ථිකයෙන් පමණයි. සංවර්ධනය, දූෂණ විරෝධය වැනි දේවල් කළ යුතුයි, දූෂණය පාලනය කළ යුතුයි. නමුත් රටේ පැවැත්ම තීරණය වන්නේ ආර්ථිකයෙන්.

අද ලග්න පලාපල – 2025 ජූලි 04 | අද ඔබේ ලග්නයෙන් හෙළිවෙයි ජීවිතයේ රහස් 3ක්

අද ලග්න පලාපල – 2025 ජූලි 04 | අද ඔබේ ලග්නයෙන් හෙළිවෙයි ජීවිතයේ රහස් 3ක්

එම ආර්ථිකය ගොඩගැනීමට මේ රජයට හැකියාවක් ඇත්දැයි ඕනෑම කෙනෙකුට දැන් තේරෙනවා. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් නැහැ. එනිසා, මේ ආර්ථික අර්බුදය ඉතාමත් බරපතළ තත්ත්වයකට අගෝස්තු මාසය අවසන් වන විට ආරම්භ වෙනවා. ඊළඟට, අවුරුද්ද අවසන් වන විට එය තවත් තීව්‍ර වෙලා, ලබන වසරේ පළමු කාර්තුවේදී රට ඉතාමත් විශාල අර්බුදයකට ගමන් කරනවා.

ඒ නිසා, රජයේ වගකීම වන්නේ මේ සම්බන්ධයෙන් සියලු දෙනා සමඟ සාකච්ඡා කර සාධාරණ වැඩපිළිවෙළකට එළඹීමයි. රටක් බංකොලොත් තත්ත්වයකින් ගොඩ ගැනීම ලෙහෙසි නැහැ. රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙකහමාරකින් රට ගොඩගත්තත්, එය මේ ජනතාවට වටිනාකමක් නැති වුණා.”

Ali express මේ දවස්වල අලි ගැටලුවක් වෙලා නිසා චතුරංගගෙන් පැහැදිලි කිරීමක්

Ali express මේ දවස්වල අලි ගැටලුවක් වෙලා නිසා චතුරංගගෙන් පැහැදිලි කිරීමක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව පැවසුවේ මතුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්