ලබන සඳුදා රටටම විශේෂ දිනයක් වෙයි..හේතුව මෙන්න.

Election Commission of Sri Lanka Election Sri lanka election 2024 General Election 2024
By Aruna Nov 07, 2024 05:19 AM GMT
Aruna

Aruna

Report

මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක් පමණි.

මෙවර මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා දින පැවැත්වීමට නියමිතව ඇත.

ඉන්ධන මිල ගණන් අඩු කරන්න බැරි හේතුව ජනපති අනුර කියයි.(VIEO)

ඉන්ධන මිල ගණන් අඩු කරන්න බැරි හේතුව ජනපති අනුර කියයි.(VIEO)


මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (07) සහ හෙට (08) යන දෙදින තුළ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 01 සහ 04 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි.

ඒ අනුව තමා රාජකාරී සිදුකරන ස්ථානයන්ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදුකළ හැකි බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

"නිහඬ කාලය ඇරඹෙනවා 11 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට. ඒ කාලයේ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් නොකළ යුතුයි.

සමේ ගාන ක්‍රීම් වර්ග ගැන රතු එළියක්..මේ ගැන හැමෝම දැනුවත් වන්න.

සමේ ගාන ක්‍රීම් වර්ග ගැන රතු එළියක්..මේ ගැන හැමෝම දැනුවත් වන්න.


ඒ වගේම සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා අපේක්ෂකයින්ගේ පවුලේ අයට ඡන්ද ආයාචනා කිරීමේ හැකියාවක් නෑ. ගෙයින් ගෙට යන්න බෑ.

මෙය නීතිවිරෝධී ක්‍රියාවක්. ප්‍රචාරණය සඳහා ආගමික ස්ථාන සහ ආගමික පුජකවරුන් හා ඔවුන්ගේ ආගමික කටයුතු භාවිත කළ නොහැකියි.

පිරිත් නූල් ගැටගසන ආකාරයේ ඡායාරූප අරගෙන ප්‍රචාරක කටයුතු කරන්න එපා. එවැනි පහත් තත්ත්වයට වැටෙන්න එපා."

ReeCha