විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.
By krishani
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාවකාලිකව අත්හිටුවා තිබූ කළමනාකරණ පීඨය විවෘත කිරිමට තීරණය කර තිබෙනවා.
ඒ ලබන මස 4 වැනිදා ය.
මේ බව අද (29) එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානකේ නිවේදනය කර තිබෙනවා.
පසුගිය 20 වැනිදා සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබුණේ ය.
ඒ උපකුලපතිවරයාගේ නිල කාර්යාලය ඉදිරිපිට සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් ය.
කෙසේ වෙතත්, අදාළ සිදුවීම හේතුවෙන් සිසුන් 6 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇති බව වාර්තා වේ.