සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය.. අද මධ්‍යම රාත්‍රියේ? ප්‍රතිඵල ප්‍රමාදයට ඇමති හේතු කියයි..

Ministry of Education A D Susil Premajayantha G.C.E. (O/L) Examination
By Sithumi Nov 29, 2023 12:04 PM GMT
Sithumi

Sithumi

Report

සාමාන්‍ය පෙල ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට තොරතුරක් මේ වන විට සමාජ මාධ්‍යයේ පල වෙමින් තිබෙනවා. ඒ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන බව පවසමින්.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීත් විශේෂ කතා බහක් ඇති වුණා. එහිදි මන්ත්‍රීවරයෙක් සදහන් කළේ විභාග දෙපාර්ථමේන්තුවෙන් විභාග ප්‍රතිඵල ලබා දීමට ගන්නා කාලය ඉතාම ඉහල බවයි.

එහිදි ඔහු විමසුවේ ප්‍රතිඵල ලබා දෙන්නේ කවදාද..? ප්‍රතිඵල ප්‍රමාද වීමට හේතු මොනවාද..? නිශ්චිත දිනයකදි ප්‍රතිඵල නිකුත් කිරීමට හේතුවක් තිබේද යන්නයි.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. එහිදි ඔහු සදහන් කළේ විභාග ප්‍රමාද වීමට 2020 21 කාලසීමාවේදි සිදුවූ සිදුවීම් හේතු වූ බවයි. ඇතැම් විශයන් සදහා ප්‍රායෝගික පරීක්ෂණද පැවැත්විය යුතුවන හෙයින් මේ සදහ යම් කාලයක් ගතවන බවයි.

ඒ වගේම වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකීරීමත් උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සදහා හේතුවක් වූ බව අමාත්‍යවරයා සදහන් කළා. ඇතැම් දෙනා පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සදහා වව්චර් පත්‍ර ලැබෙන තුරු බලාසිටිය බවද අමාත්‍යවරයා සදහන් කළා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් තුළ ලබාදුන් බවත් මේ සදහා විශාල පිරිසක් මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණද පැවති බැවින් යම් කාලයක් ගතවන බව අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්න. ඒ අනුව කඩිනම් කිරීමට තමා උපදෙස් දී ඇති බව ඔහු එහිදි සදහන් කළා. මෙවර ප්‍රතිඵල දවස් දෙකක් තුළ නිකුත් කරනු ඇතැයි ඔහු සදහන් කළා.

කෙසේ වෙතත් ඊයේ දිනයේදි ත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් මහතාගෙන් උත්සවයකින් අනතුරුව යොමු කල ප්‍රශ්නයකදි ඔහු සදහන් කළේ. සාමාන්‍ය පෙල ප්‍රතිඵල දින දෙකක් තුළ නිකුත් කරන බවයි.

එමෙන්ම විභාග කොමසාරිස්වරයාද දින කිහිපයකට පෙර දින දෙක තුනක් තුළ ප්‍රතිඵල නිකුත් කළ බව සදහන් කළ අතර පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබදව සාකච්ඡා වූ බැවින් බොහෝ විට අද හෝ හෙට මෙම ප්‍රතිඵල නිකුත් වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ReeCha