හක්කා පටස් සහ චීන පටස් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් දිවයිනටම විශේෂ දැනුම් දීමක්

Report

නීතිවිරෝධීව නිෂ්පාදනය කරනු ලබන හක්කා පටස් සහ චීන පටස් භාවිත කරන පුද්ගලයින්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙයි.

ඒ අනුව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින්, රතිඤ්ඤා හා ගිනිකෙළි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවලට නිකුත් කරනු ලබන අමුද්‍රව්‍ය භාවිත කරමින් හක්කා පටස් සහ චීන පටස් නැමති නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සිදුකරනු ලබන බවට තොරතුරු ලැබී තිබෙන බව සඳහන් කරයි.

එසේම වගාබිම්වලින් වනසතුන් පළවා හැරීමට බහුලව භාවිතා වන මෙම නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් ඉකුත් කාල සීමාව තුළ පුද්ගල මරණ කිහිපයක් ද වාර්තා වී ඇත.

එමෙන්ම මෙම පුපුරණ ද්‍රව්‍ය නිසා සැලකිය යුතු පාරිසරික සහ සංරක්ෂණ අභියෝග ද මතුවී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

අද සිට බලපැවැත්වෙන පරිදී රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අද සිට බලපැවැත්වෙන පරිදී රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

එබැවින් දැනටමත් තහනම් කර ඇති හක්කා පටස් සහ චීන පටස් නැමැති මෙම පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධ ක්‍රියාකාරකම් තවදුරටත් සිදුවන බවට තොරතුරු ලැබී ඇති හෙයින් එම ක්‍රියාකාරකම් නැවැත්වීමට රට පුරා විශේෂ මෙහෙයුම් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ පොලීසිය සමඟ ඒකාබද්ධව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

එසේම එම නීතිවිරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයින්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

මෙහිදී ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දුන්නේ රතිඤ්ඤා සහ ගිනිකෙළි නිෂ්පාදනයේ නියැලී සිටින පුද්ගලයින් මින් ඉදිරියටත් මෙවැනි නීතිවිරෝධී නිෂ්පාදන කටයුතුවල නියැලී සිටින බව හෝ ඒ වෙනුවෙන් ආධාර අනුබල දී ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට නිකුත් කර ඇති රතිඤ්ඤා සහ ගිනිකෙළි නිෂ්පාදන බලපත්‍ර අවංලගු කිරීමට ද කටයුතු කරන බව‍යි.

නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහගෙන් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහගෙන් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

රටටම සුභ ආරංචියක් මේ පාර ආයේ බදු නෑ

රටටම සුභ ආරංචියක් මේ පාර ආයේ බදු නෑ