ඊශ්‍රායල වීසා තියන අයට වැදගත් දැනුම්දීමක්

Sinhala news gagana news NPP Government Iran Nuclear Sites Israel-Iran conflict
By Shehan Jun 28, 2025 12:30 AM GMT
Shehan

Shehan

Report

මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියාවල නියුතුව නැවත එරටට යාමට බලාපොරොත්තුවෙන් සිටින අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ, නැවත ඇතුළත්වීමේ වීසා (Re-entry) සහිතව ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින්ගේ වීසාවල වලංගු කාලය එළඹෙන මස 31 වන දින දක්වා දීර්ඝ කිරීමට ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික අධිකාරිය තීරණය කර ඇති බවයි.

අද ලග්න පලාපල – 2025 ජූනි 28 | ලග්නයෙන් හෙළිවෙන ඔබේ වාසියන් සහ අවාසියන් - අදම බලන්න

අද ලග්න පලාපල – 2025 ජූනි 28 | ලග්නයෙන් හෙළිවෙන ඔබේ වාසියන් සහ අවාසියන් - අදම බලන්න

ඒ අනුව, ඊශ්‍රායලයට ජාත්‍යන්තර ගුවන් ගමන් මේ වන විට ආරම්භ වී ඇති බැවින්, Re-entry වීසා යටතේ ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින්ට, ඔවුන්ගේ වීසා කාලය අවසන් වුවද, එළඹෙන මස 31 වන දින දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු වීමේ හැකියාව පවතින බව අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අදාළ සියලු ආයතන දැනුවත් කර ඇති බවත්, අමාත්‍යාංශයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

සියලු පාසල්වලට විශේෂ චක්‍රලේඛයක් – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හදිසි නියෝගක්

සියලු පාසල්වලට විශේෂ චක්‍රලේඛයක් – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හදිසි නියෝගක්

ReeCha