ඉක්මනින් කර ගන්න.... විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

Sri Lanka G.C.E. (O/L) Examination Education Latest Headlines Sinhala news
By Akash May 25, 2025 07:56 AM GMT
Akash

Akash

Report

ඊයේ (24) සහ අද (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

නිළි රැජිනට අවසන් ගෞරව දක්වන්න ගිය අයිය මල්ලි

නිළි රැජිනට අවසන් ගෞරව දක්වන්න ගිය අයිය මල්ලි

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍යපෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බවද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

ඖෂධ හිඟය ඔය කියන තරම් නෑ - නියෝජ්‍ය ඇමති කියයි

ඖෂධ හිඟය ඔය කියන තරම් නෑ - නියෝජ්‍ය ඇමති කියයි

ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ දැනුම් දීම අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ලබාදී ඇති බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ReeCha