නිළි රැජිනට අවසන් ගෞරව දක්වන්න ගිය අයිය මල්ලි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (25) පැමිණ තිබෙනවා.
හෙළ සිනමාවේ නිළි රැජිනිය ඊයේ දින අභාප්‍රාප්ත වූ අතර අද ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන ඒම සිදු වුණා.
ඒ අනුව, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරවය දැක්වීමට මහජනතාවට අවස්ථාව සැළසෙනු ඇති.
දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සිදු කිරීමට නියමිතයි.