ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි ප්‍රහාරය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගෙන් විශේෂ ප්‍රකාශයක්

Nihal Talduwa Police spokesman Sri Lanka Police Investigation ISIS Terrorist Latest Headlines
By Sewvandhi Oct 25, 2024 08:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, ආරුගම්බේ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සැලසුමක් ඇති බවට වාර්තා වූ තොරතුරු, හුදෙක් ඊශ්‍රායල ජාතිකයක් ඉලක්ක කර සැලසුම්කළ ප්‍රහාරයක් බව දැනට සිදුකෙරෙමින් පවතින විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

එනම් මාධ්‍ය ප්‍රකාශක නිහල් තල්දුව මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

කෙසේ නමුත් හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේ, මෙම ප්‍රහාර සැලසුමේ ඉලක්කය ඊශ්‍රායල නොවන විදෙස් ජාතිකයන්, ශ්‍රී ලාංකිකයන් හෝ වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවට තොරතුරු හෙළිවී ඇති බවය.

මේ වනවිට එම ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

"විටින් විට ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ.ඒ අත්අඩංගුවට පත්වීම හරහා තමයි අපට මේ පිළිබදව තවදුරටත් ආරක්ෂාවක් යොදවන්න ඕන කියන එක අනාවරණය වුණේ. පෙරේදා දිනයේදී අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනය නිකුත් කරන්න කලින් දවසේ රාත්‍රියේ සිට පොතුවිල් පොලිස් බලප්‍රදේශය තුළ අපි ආරක්ෂාව යොදවලා තිබුණේ. පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලීසිය, බුද්ධි අංශ, හමුදාව මෙන්ම නාවික හමුදාව පවා මුහුදේ සංචාරවලට යොදවලා තිබුණේ".

"අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරලා තියෙන්නේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කරන්න එපා කියලා. ඒ හැරෙන්න ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න එපා කියලා අනතුරු ඇඟවීමක් කරලා නැහැ".

"ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි ප්‍රහාරයේ ස්වභාවය අනුව එය ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා මෙතෙක් අපට නිරීක්ෂණය වෙලා නෑ. මැදපෙරදිග කලාපයේ තිබෙන යුදමය තත්ත්වය නිසා ඊශ්‍රායල ජාතිකයන්ට ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකේ කොතැනක වුවත් අනතුරුදායක ස්වභාවයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් ඉලක්ක කරගත් ප්‍රහාරයක් කියල තමයි ආවේ. ඒ හැරෙන්න වෙනත් රටක විදෙස් ජාතිකයෙක් ඉලක්ක කරගෙන හෝ ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගෙ හෝ වෙතක් කඩාකප්පල්කාරී සිද්ධියක් නෙමෙයි".

"කෙසේ නමුත් මෙම ප්‍රහාරය කුමන ආකාරයයෙන් වෙනවද කියන එක ගැන තහවුරුවීමක් නැහැ. ප්‍රහාරය ගැන මුල සිට පරීක්ෂණ සිදුකරලා යම්කිසි තහවුරු කිරීමක් කරගත්තා. ඒ නිසා අවසන් දිනවන විට පිරිමි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පුළුවන් වුණා. මේ සියලුදෙනා ශ්‍රී ලාංකිකයෝ. රඳවාගෙන ප්‍රශ්න කරලා නිවැරදි තොරතුරු අනාවරණය වූ පසු ඒ පිළිබඳ අවස්ථාවක මාධ්‍යයට ලබාදීමේ හැකියාව තියෙනවා. නමුත් සමහර මාධ්‍යවල ව්‍යාජ තොරතුරු සඳහන් වුණා. ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේ".