ආයෙමත් ණය නැද්ද..ලංකාවේ ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ..IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්..!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ,ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා ඒ බව පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ ළඟදීම සිදුකෙරෙන තුන්වන සමාලෝචනය කරා කඩිනමින් යෑමට එමගින් අවස්ථාව උදාකර ඇති බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
IMF සහ ලෝක බැංකු රැස්වීම් හා සමගාමිව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.