මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්...වාර්තා නොදෙන අයගේ තොරතුරු පොලීසියට
හෙට (27) දින මධ්‍යම රාත්‍රියෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වියදම් නිවාමන පනත යටතේ භාරදිය යුතු ආදායම් සහ වියදම් වාර්තා භාරදීම අවසන් වීමට නියමිත බව වාර්තා වේ.

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)
මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරන්නේ මෙතෙක් අඳාළ වාර්තා භාර නොදුන් දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම්වල සියලුම අපේක්ෂකයින්, කණ්ඩායම්වල දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් තමන්ගේ ආදායම් සහ වියදම් වාර්තා හෙට මධ්‍යම රාත්‍රි 12ට පෙර තමන් ඉදිරිපත් වූ දිස්ත්‍රික්කයේ ඇති තේරීම් භාර නිලධාරීවරයා වෙත භාර දිය යුතු බවයි.
එසේම අඳාළ වාර්තා ලබා දීමට තිබෙන කාලය හෙට මැදියම් රැයෙන් අවසන් වීමට නියමිත බැවින් එකී කාලය කිසිසේත් දීර්ඝ නොකරන බවත් පවසයි.
තවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා කියා සිටියේ පනත ප්‍රකාරව ඡන්ද විමසීම අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා භාර දීම සිදුකළ යුතු බවයි.
ඒ අනුව සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේ හෙට මධ්‍යම රාත්‍රි 12ට පෙර වියදම් වාර්තා ලබා දීමට පැමිණ භාර දිය හැකි බවත් එසේ නොමැති නම් මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ වෙබ් අඩියක් ද ඒ වෙනුවෙන් සකසා ඇති බවයි.
එසේම මෙම වියදම් වාර්තා භාර ගැනීමට හෙට දිනයේදී මධ්‍යම රාත්‍රි 12 දක්වා රටේ සියලු මැතිවරණ කාර්යාල විවෘතව තැබීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා පවසයි.
එමෙන්ම සෑම අපේක්ෂකයෙක්ම සහ දේශපාලන පක්ෂයක්ම තමන් විසින් වියදම් කළ හෝ නොකළ අදාළ වියදම් වාර්තා භාර දීම සිදුකළ යුතු බව ද සඳහන්.
එසේම වියදම් නොකර ඇත්නම් ඒ පිළිබඳව ද සටහනක් භාර දිය යුතු බව ඔහු පවසයි.
තවද හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව වියදම් වාර්තා ලබා නොදෙන පිරිස් සම්බන්ධයෙන් තොරතුරු අදාළ පොලිස් ස්ථාන වෙතද ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ඉදිරියේදී මැතිවරණ පනත අනුව අවශ්‍ය විදි විධාන යොදවමින් ඔවුන්ට විරුද්ධව නීතිමය කටයුතු කිරීමට ද මැතිවරණ කොමිසම කටයුතු කරන බවයි.
