වගා හානි වන්දි මුදල් ගැන ඇහෙන අලුත්ම සුබ ආරංචිය

Report

2025/2026 මහ කන්නයේදී සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් නිදහස් කිරීම වෙනුවෙන් අදාළ දිස්ත්‍රික්කවල සිදුවූ හානි පරීක්ෂා කිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කර තිබේ.

එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ දිස්ත්‍රික් කාර්යාලවල ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය විසින් එම වගා හානි සිදුවූ දිස්ත්‍රික්කවල හානි පරීක්ෂා කිරීම් මේ වන විට ආරම්භ කර තිබෙන බව‍යි.

දකුණු මුහුදෙන් ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 654ක් තිබිලා , අලුත්ම අනාවරණය මෙන්න

දකුණු මුහුදෙන් ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 654ක් තිබිලා , අලුත්ම අනාවරණය මෙන්න

එම මණ්ඩලය සඳහන් කළේ පොළොන්නරුව, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සිදුව ඇති වගාහානි පරීක්ෂා කිරීම් සඳහා එම නිලධාරීන් විසින් පරීක්ෂා කිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවත් කටයුතු කඩිනමින් අවසන් කිරීමටද නියමිතව තිබෙන බවයි.

ඒ වගේම හානි පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් කළ වහාම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් ලබාගෙන සත්‍ය වශයෙන් සිදුවූ හානි සඳහා කඩිනමින් අදාළ වන්දි ගෙවීමට කටයුතු කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිය නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබේ .

බන්ධනාගාරයේ සැකකරුවෙක් පලායන්න වහලෙන් දුවද්දිම, බන්ධනාගාර නියාමකවරයෙකු අහසට වෙඩි තියලා

බන්ධනාගාරයේ සැකකරුවෙක් පලායන්න වහලෙන් දුවද්දිම, බන්ධනාගාර නියාමකවරයෙකු අහසට වෙඩි තියලා