නොර්වේහි භාවිත කෘෂි තාක්ෂණික වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ගොවීන්ටත්...

Report

නෝර්වේ හි දැනට භාවිතා කරන කෘෂි තාක්ෂණික වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට ලබා දීමට නෝර්වේ හිටපු විශේෂ නියෝජිත Erick Solheim මහතා එකඟත්වය පළ කර තිබෙනවා.

මහ බැංකු අධිපතිට ඉහළ ම ශ්‍රේණිගත කිරීමක්...

මහ බැංකු අධිපතිට ඉහළ ම ශ්‍රේණිගත කිරීමක්...

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර, එහිදී විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගයන් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට ලබාදීම සම්බන්ධව අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම, මෙහිදී පරිසරයට කාබන් අවම වශයෙන් මුදාහරින රටවල් කාණ්ඩයට ශ්‍රී ලංකාවත් අයත්වන බැවින් ලෝක කාබන් ක්‍රෙඩිට් වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට ලැබිය යුතු කොටස් ලබාදීම සම්බන්ධව ද සාකච්ඡා කළ බව වාර්තා වේ.