සුනාමියක් එනවද නැද්ද? දකුණු මෙක්සිකෝව කැළඹූ අති ප්‍රබල භූ කම්පනය නිසා කළ සුනාමි අනතුරු ඇඟවීම ගැන දැනුම්දීමක්
දකුණු මෙක්සිකානු පැසිෆික් වෙරළ තීරයේ, ග්වාතමාලාවේ මායිමේ ඊයේ(17) දින ඇති වූ ප්‍රබල භූමිකම්පාව මෙක්සිකෝ නගරයේ සිට එල් සැල්වදෝරය දක්වා දැනී තිබුණු බව වාර්තා වේ.
එසේම කිසිදු රටක බරපතළ හානියක් හෝ ජීවිත හානියක් බලධාරීන් විසින් වාර්තා කර නොමැති අතර දකුණු මෙක්සිකෝවේ දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
මේ අතර එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) වාර්තා කළේ භූමිකම්පාවේ ප්‍රබලත්වය 7.3 ක් වූ බවත්, එහි අපිකේන්ද්‍රය ඇක්වයිල්ස් සර්ඩන් සිට නිරිත දෙසින් කිලෝමීටර් 48 ක් (සැතපුම් 30) ක් දුරින්, චියාපාස් වෙරළට ආසන්නව සහ කිලෝමීටර් 15 ක් (සැතපුම් 9) ගැඹුරින් පැවති බවත්ය.
එමෙන්ම ඊට පෙර සාගරයේ තරමක් ඈතින් අපිකේන්ද්‍රය සහිත කුඩා භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, රික්ටර් මාපකයේ 4.9 ත් 6 ත් අතර අවම වශයෙන් පසු කම්පන 10 ක් වත් සිදුවී ඇති බව සඳහන්.
එසේම භූකම්පනයෙන් අනතුරුව එහි කේන්ද්‍රස්ථානයේ සිට කිලෝමීටර් 300ක පමණ දුරකට සුනාමි රළ ඇතිවිය හැකි බවට අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අනතුරු ඇඟවීමක් ද නිකුත්කර තිබුණා.
ඒ අනුව එක්සත් ජනපද රජය මෙක්සිකෝවේ සහ ග්වාතමාලාවේ පැසිෆික් වෙරළබඩ ප්‍රදේශ සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ නමුත් පසුව එම තර්ජනය පහව ගොස් ඇති බව සඳහන් කළා.