සිසුන්ට නොමිලේ ඇස් කණ්නාඩි
උතුරේ සිසුන් සඳහා අක්ෂි පරීක්ෂණයක් පැවැත්වීම සහ අවශ්‍ය සිසුන් සදහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. පැහැදිලි දැක්මක්, දීප්තිමත් අනාගතයක් යන තේමාව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
යාපනය ශික්ෂණ රෝහලේ උපදේශක අක්ෂි විශේෂඥ එම්. මලරවන්ගේ නායකත්වය යටතේ මෙම පුළුල් අක්ෂි පරීක්ෂණ වැඩසටහන උතුරු පළාත පුරා ක්‍රියාත්මක කර ඇත.
මෙම ව්‍යාපෘතියට අදාළ මාධ්‍ය හමුව ඊයේ (31) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
උතුරු පළාත් ආණ්ඩුකාර නා. වේදනායගන් සහ වෛද්‍ය විශේෂඥ එම්. මලරවන් යන මහත්වරු මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීම විශේෂත්වයකි.