නොරොච්චෝලේ අළු ටෙන්ඩරයෙන් රජයට සිදුවන පාඩුව රුපියල් බිලියන හයයි මිලියන දෙසීයක්..

Sri Lanka Government Of Sri Lanka North Central Province Norochcholai Power Plant
By Piyumika Dec 30, 2024 04:33 AM GMT
Piyumika

Piyumika

Report

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ගල් අඟුරු දහනය වීමෙන් පසු ඉතිරි වන පියාසර අළු (Fly Ash) ටෙන්ඩර් කැඳවා අඩු මිලට දීමෙන් පසුගිය මාස තුනේදී රජයට රුපියල් කෝටි හැත්තෑඅටක පාඩුවක් සිදුවී ඇත.

සිමෙන්ති නිෂ්පාදනය සඳහා ගතහැකි මෙම පියාසර අළු ටොන් එකක් රුපියල් දහතුන්දහස් තුන්සියයක මුදලකට අලෙවි වුවද ටෙන්ඩරය ලබාදී ඇත්තේ ටොන් එකක් රුපියල් දෙදහස් නවසියය (2,900) බැගිනි.

දකුණු කොරියානු ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුර..සතියක ශෝක කාලයක් ප්‍රකාශ කරයි ..

දකුණු කොරියානු ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුර..සතියක ශෝක කාලයක් ප්‍රකාශ කරයි ..

මෙම වසරේ මැයි 15 වැනිදා හදිසි ටෙන්ඩර් කැඳවීමක් මගින් මහා පරිමාන සිමෙන්ති ව්‍යාපාරිකයන් සඳහා මෙම සහනය ලබාදී ඇත්තේ ටොන් එකකින් රුපියල් 10,400 ක පාඩුවක් ලබමිනි.

තවද මසකට පියාසර අළු ටොන් විසිපන්දහසක් පමණ අලෙවි කෙරේ.

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ක්ලීන් ශ්‍රී ලංකා පළමු වනදා සිට වැඩ අරඹයි..

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ක්ලීන් ශ්‍රී ලංකා පළමු වනදා සිට වැඩ අරඹයි..

ඒ අනුව ඔක්තෝබර් මාසයේ සිට අදාළ ටෙන්ඩරය ලබාදීමෙන් ගතවූ මාස තුනට මාසයකට රුපියල් කෝටි විසිහය බැගින් පාඩුවක් රජයට සිදුවී ඇත.

මෙම ටෙන්ඩරය වසර තුනක් සඳහා ලබාදී තිබේ. ඒ අනුව මාස තිස්හයකදී රජයට සිදුවන පාඩුව රුපියල් බිලියන හයයි මිලියන දෙසීයක් බවට එම බලාගාරයේ සේවකයන් ජනපති අනුර කුමාර දිසානායකට ද පැමිණිලි කර තිබේ.

You may like this video

ReeCha