ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක් - ජනවාරිවල එක් කිරීමට නියමිතයි [UPDATE]
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අලුත්වැඩියා කටයුතු සිදුකෙරන ජනන යන්ත්ර 2ක ජනවාරි මස 14 වන දින සහ ජනවාරි 18 වන දින ජාතික විදුලිබල පද්ධතිය හා එක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදුලි බල මණ්ඩල නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත. අඳාළ නිවේදනයේ සඳහන් වන්නේ අංක 2 ‘B’ ජනන යන්ත්රය 2026 ජනවාරි මස 14 වන දින ජාතික විදුලිබල පද්ධතිය හා එක් කිරීමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවයි.
විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ වර්තමානය වන විට අදාළ ජනක යන්ත්රයේ නඩත්තු කටයුතු අවසන් අදියරෙහි පවතින අතර එහි නියමිත තත්ත්ව පරීක්ෂණ කටයුතුවලින් පසුව ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බවයි.
ඊට අමතරව ජනක යන්ත්ර අංක 1 ට අයත් බොයිලේරුවේ හදිසියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම යන්ත්රයද, 2025 දෙසැම්බර් මස 20 දින ආරක්ෂිතව නවතා දැමීමට සිදුව තිබෙනවා.
දැනට එහි වූ දෝෂයන් නිවැරදි කිරීමේ නඩත්තු කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින අතර එම යන්ත්රයද යථාවත් කර 2026 ජනවාරි මස 18 පමණ වන විට ජාතික පද්ධතිය හා එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය බලාපොරොත්තුව වන බව දක්වයි.
කෙසේ වෙතත් මෙය අඛණ්ඩව විදුලිය සැපයීමට බාධාවක් නොවන බවට ලංකා විදුලිබල මණ්ඩලය දන්වයි.