විදුලිය නිපදවීම පහළට අර්බුදයේ බරපතළ බව නොරොච්චෝල ප්‍රධානීගේ කටින්ම

Report

නොරොච්චෝල ලක්විජය බලාගාරයට සැපයූ ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම නිසා එහි දෛනික විදුලි උත්පාදන ධාරිතාව පහත වැටී ඇති බව බලාගාර කළමනාකරු පී. ඩබ්ලිව්. බමුණුසිංහ මහතා ඊයේ (27) දින පැවසුවා.

ඒ අනුව ඊයේ පෙරවරුවේ බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් හමුවේ කරුණු දක්වමින් ඔහු මේ බව හෙළි කර ඇත.

එම බලාගාර කළමනාකරු පෙන්වා දුන්නේ පළමු ගල්අඟුරු නෞකාවෙන් ලැබුණු තොග භාවිත කිරීමත් සමඟ බලාගාරයේ දෛනික උත්පාදනය මෙගාවොට් 95කින් පමණ අඩු වී තිබෙන බවයි.

මේක මේ මහා අමුතු දෙයක් නෙමෙයි ගල් අගුරු සිද්ධිය ගැන නලින්ද පැහැදිලි කරයි

මේක මේ මහා අමුතු දෙයක් නෙමෙයි ගල් අගුරු සිද්ධිය ගැන නලින්ද පැහැදිලි කරයි

"දෙවන නෞකාවෙන් ලැබුණු ගල්අඟුරු භාවිතයේදී ද ධාරිතාව දළ වශයෙන් එම ප්‍රමාණයෙන්ම පහත වැටුණා. පවතින තාක්ෂණික ගැටලු හේතුවෙන් තෙවන නෞකාවේ ගල්අඟුරු ගොඩබෑම තාවකාලිකව නතර කර ඇති අතර, මේ වන විට සිව්වන නෞකාවේ ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබෙනවා," යනුවෙන් ඔහු තවදුරටත් කරුණු සඳහන් කළා.

මේ අතර ගල්අඟුරු ප්‍රමිතිය පිළිබඳව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත්, බලාගාර පාලනාධිකාරිය වශයෙන් ඉටු කළ යුතු වගකීම් නිසි පරිදි ඉටු කර ඇති බවත් බමුණුසිංහ මහතා මෙහිදී අවධාරණය ක‍ර ඇත.

නාලන්දාවේ සිද්ධියේ අනිසි ප්‍රතිඵල නිසා මේ අයට සමාජ ජාලා තහනම් කරන්න රජයෙන් සැලසුමක්

නාලන්දාවේ සිද්ධියේ අනිසි ප්‍රතිඵල නිසා මේ අයට සමාජ ජාලා තහනම් කරන්න රජයෙන් සැලසුමක්

ඔබ මග බලා සිටි අස්වැසුම ගැන සුබ ආරංචිය මෙන්න

ඔබ මග බලා සිටි අස්වැසුම ගැන සුබ ආරංචිය මෙන්න