යාපනය කුසුමන්තුරෙයි වෙරළේ නාවික හමුදා මෙහෙයුමක් - මත්ද්‍රව්‍ය තොගයක් සහිත යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Report

උතුරු වෙරළ තීරයේ අද (27) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු සහ ජාවාරමට යොදාගත් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.

උතුරු නාවික විධානයට අයත් අංශ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘අග්බෝ’ ආයතනයේ නිලධාරීන් එකාබද්ධව යාපනය, මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වර්ගය සහ ප්‍රමාණය තහවුරු කරගැනීම සඳහා නාවික හමුදාව මඟින් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, අත්අඩංගුවට ගත් සැකකරු සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසිය වෙත භාරදීමට නියමිතය.

ක්ෂණයෙන් ඔබේ ජීවිතයම වෙනස් කරන අද දැන ගත යුතුම ප්‍රබල ලග්න පලාපල

ක්ෂණයෙන් ඔබේ ජීවිතයම වෙනස් කරන අද දැන ගත යුතුම ප්‍රබල ලග්න පලාපල

කාලගුණයෙන් අද උදෑසන නිකුත් කළ විශේෂ නිවේදනය - මේ ප්‍රදේශ සඳහා විශේෂ දැනුම්දීමක්

කාලගුණයෙන් අද උදෑසන නිකුත් කළ විශේෂ නිවේදනය - මේ ප්‍රදේශ සඳහා විශේෂ දැනුම්දීමක්