නාමයෝජනා දෙන අපේක්ෂකයින්ට පෙළපාලි තහනම් - කඩ කළොත් නීතිය තදයි

Report

2025 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම සඳහා නාමයෝජනා භාරගන්නා දිනයන්හි දී අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වෙන බැවින් එම සිසු සිසුවියන්ට බාධාවක් නොවන අන්දමින් හැසිරීමට නාම යෝජනා භාරදෙන සියලුම අපේක්ෂකයින් තරයේ වගබලා ගත යුතු බව මැතිවරණ කොමිසම පවසයි.

අද (14) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාව දැනුම්වත්කර ඇති බවත්, එවැනි බාධා වන අන්දමින් යම් අපේක්ෂකයෙක් කටයුතු කළහොත් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට දැනුම් දී ඇති බවයි.

එමෙන්ම, නාම යෝජනා භාරගැනීම මාර්තු මස 20 වනදා මධ්‍යහන 12 න් පසුව අවසන් වන බවත් ඉන් පසුව ද කිසිදු පෙළපාලියක්, රථවාහන පෙළපාලියක් හෝ රැස්වීමක් සිදුකිරීමට නීතියෙන් අවසරයක් නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර, අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වෙනිදා සිට මාර්තු 26 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත බැවින් ඒවන තෙක් ද කිසිදු අයුරකින් විභාගයට පෙනිසිටින සිසු සිසුවියන්ට පීඩාකාරි ක්‍රියාවක් සිදුනොවීමට අපේක්ෂකයින් වගබලා ගතයුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

හිරෙන් ඇවිත් දවස් දෙකයි අපරාධය කරලා

හිරෙන් ඇවිත් දවස් දෙකයි අපරාධය කරලා

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් වාර්තාව ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් (VIDEO)

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් වාර්තාව ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් (VIDEO)