හෙළ සිනමාවේ පෙම්වතා රැජින ගැන කියූ දේ

Mrs Malani Fonseka Death Sinhala news
By Hashan May 27, 2025 04:53 AM GMT
Hashan

Hashan

Report

අභාවප්‍රාප්ත හෙළ සිනවවේ නිළි රැජිණි මලානි ෆොන්සේකා මහත්මියගේ දේහය පිලිබඳ අවසන් කටයුතු රයේ දින නිදහස් චතුරත්ර පරිශ්‍රයේදී සිදු කෙරුනා

එම අවමංගල්‍ය සභාව ආමන්ත්‍රණය කරමින් අදහස් ඉදිරිපත් කර සිංහල සිනමාවේ ජීවමාන අග්‍රගණ්‍ය නළු රවින්ද්‍ර රන්දෙනිය මහතා ප්‍රකාශ කර සිටියේ වසර හැටක් සිය ජනප්‍රියත්වය සහ ගෞරවය එක් දශමයක් පහළට වන්නට ඉඩ නොදී ලෝකයේ කිසිම සිනමා නිළියක විසින් අත්පත් කර නොගත් ගෞරවයක් සහ ජන ප්‍රසාදයක් ඇය විසින් අත් පත් කර ගත් බවයි.   

එසේම ඇය ජීවත්ව සිටි අවධියේ ජාතියක් ලෙස අප ඇය ප්‍රමාණවත් සම්මානයට පාත්‍ර කලා දැයි තමන්ට සැකයක් ඇති වන බව ද රවීන්ද්‍ර රන්දෙණිය කීවේය.

අනුරපුරේ වෛද්‍යවරිය ගැන මාධ්‍ය වාර්තා හරිම කැතයි..- GMOA කණස්සල

අනුරපුරේ වෛද්‍යවරිය ගැන මාධ්‍ය වාර්තා හරිම කැතයි..- GMOA කණස්සල

කලාවේ නියුතු වූවන් කිසිදු විශේෂ වරප්‍රසාද ඇති අය නොවන බවත්, කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් සහිත ප්‍රතිලාභලාභීන් නොවන බවත්, මේ පිරිස රැකියාවෙන් ඉවත් වූ දා සිට සියලු දේ අහිමි පිරිසක් බවත්, මාලනී ෆොන්සේකා රංගන ජීවිතයෙන් පරිබාහිරව විශාල කැප කිරීමක් කළේ මේ සමස්ත කලාකරුවන්ගේ ජීවිතවල සුභසාධනය වෙනුවෙන් බවත් ,ඇයගේ අවමංගල්‍ය සභාව අමතමින් සිංහල සිනමාවේ ජීවමාන අග්‍රගණ්‍ය නළු රවින්ද්‍ර රන්දෙනිය මහතා ප්‍රකාශ කර සිටියා.

මාලනිය හැමදාම කැපවීමකින් ප්‍රාර්ථනා කළ ඇයගේ සිහිනයේ ඉටු වේවා යන්න ඇයගෙන් සමුගන්නා මේ මොහොතේ ප්‍රාර්ථනා කරන බවත් රවින්ද්‍ර රන්දෙනිය පවසා සිටියා.   

අවමංගල්‍ය සභාව ඇමතූ රවින්ද්‍ර රන්දෙනිය මහතා,

කෙහෙලිය දුවටත් කුරු පේනවා....වැලිකඩ ලෑස්ති... සාක්‍ෂි දෙයි…

කෙහෙලිය දුවටත් කුරු පේනවා....වැලිකඩ ලෑස්ති... සාක්‍ෂි දෙයි…

“මම අවමංගල්‍ය උත්සව බොහෝ ගණනක කතා කරලා තියෙනවා. ඒ දිගු කාලය තුළ මෙතරම් හැඟුම්බර මේ තරම් හදවතට ශෝකය දැනෙන විදිහට කිසිම අවමංගල්‍යය උත්සවයක කතා කර ඇතැයි මට මතක නෑ. මාලනීගේ වියෝව කවර හේතුවක් නිසාද මට මේ තරම් දැනෙන්නේ. මා දන්නවා මා වගේම සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළත් අද ඇවිලෙන්නේ මහා ශෝකාකූල මහා ගින්නක්.  ඇයි මේ.  මගෙන් පෞද්ගලික ඇහුවොත් මට හිතෙනවා මගේ ජීවිතය සමඟ සම්බන්ධව අවුරුදු පනහක කාලයක් එක දිගට සහෝදරත්වයෙන්, වෘත්තීය සහෝදරත්වයෙන්, ඒ වගේම ඥාතිවරයෙකුට වැඩිය කිට්ටුවෙන් ඒ වෘත්තිය සම්බන්ධතාවය නොකිලිටිව ඉතාම ගෞරවාන්විතව පවත්වාගෙන එන්න ඈ මට උදව් උනා ඥාතිවරියක් වගේ. මගේ කලා ජීවිතයේ උද්දීපනය කරගන්න මට ඇගෙන් ලැබුණු ගුරුහරුකම්, අවවාද මෙන්ම සහයෝගය මම හිතන්නේ එය මගේ ගමනට ආලෝකයක් වුණා.  ඒ වගේම අනික් අතින් ඇයි මේ තරම් වේදනාවක් දුකක්.  මේ ඇතිවුණු රික්තය ,මේ ඇතිවුණු හිඩැස කවදාවත් අපේ දේශීය සිනමාවට පිරිමහන්නට බැ. මොකද කවදාවත් ඒ වෙනුවට ආදේශකයක් හොයාගන්නට බැ අද නෙවෙයි තව අවුරුදු සීයකටවත් ඒ වටිනාකම අපේ දේශය සිනමාවට නොලැබෙන බවට වන සංවේදනය තමයි ඊළඟට මගේ හිතේ තියෙන්නේ.  එතුමිය ඒ තරම් ජනතාවගේ සිත් තුළ මෙන්ම අපේ සිනමා කර්මාන්තය තුළත් කවදාවත් නොමැකෙන ඉතිහාසගත වන චරිතයක් බවට පත්වුණා.”

ReeCha