අංක තහඩු නැහැ... කොළයක ලියලා එල්ල ගන්නලු...
මේවන විට රට තුල යළිත් යම් යම් අර්බුද මතු වෙමින් ඇති බව වාර්තා වෙමින් තිබෙනවා.
ඒ අනුව ඉදිරියේ දී ගැටළු රැසකට මුහුණ දීමට සිදු වනු ඇති බවයි පැවසෙන්නේ. කෙසේ හෝ වේවා මේවන විට රට ක්‍රමක් ක්‍රමයෙන් නැවත වතාවක් පෝලිම් යුගයකට යාමට සිදු වනු ඇති බව විවිධ පාර්ශවයන් පවසනවා.
එය එසේ තියෙද්දී දැන් අලුතින්ම තවත් ප්‍රශ්නයක් මතුව තිබෙනවා. ඒ වාහන ලියාපදිංචියේ දී නිකුත් කරන අංක තහඩුවල හිඟතාවයක් පවතින බව වාර්තා වනවා.
එම නිසා අප්‍රේල් මස 28 වන දින සිට වාහන සඳහා අංකත අඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පැවසෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දැනට වාහන අංක තහඩු සහ ඊට අදාළ ස්ථිකර නිකුත් නොකරන බවත් හැකි විගස ලබාදීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් ඇතැම් පිරිස් පවසන්නේ ඉදිරියේදී වාහන අංක කොලයක ලියා වාහනවල ප්‍රදර්ශනය කිරීමට සිදුවනු ඇති බවයි.
