වාහන මිල ඉහල යයිද? වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් නිවේදනයක්
නව බදු සංශෝධන හේතුවෙන් වාහන ආනයනය සඳහා වන සමස්ත රේගු බදු ව්‍යුහයේ කිසිදු වෙනසක් සිදු නොවන බව මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 2026 අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වන නව රේගු බදු සංශෝධන පිළිබඳව වාහන ආනයනකරුවන්ගේ සංගමය ජනතාවට පැහැදිලි කර ඇත.
මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව, බදු ක්‍රමයේ පහත වෙනස්කම් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව, රේගු ආනයන බද්ද (CID) - දැනට පවතින සියයට 20 අනුපාතය සියයට 30 දක්වා වැඩි කෙරෙන අතර රේගු බදු අධිභාරය (දැනට සියයට 50 අධිභාරය), තවත් ගැසට් නිවේදනයක් මගින් අවලංගු කෙරේ.
මෙම බදු සංශෝධනවල සමුච්චිත ප්‍රතිඵලයක් ලෙස, වාහන ආනයනය සඳහා සමස්ත රේගු බදු ව්‍යුහයේ කිසිදු වෙනසක් සිදු නොවන බව මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සහතික කර ඇත.
කෙසේ වෙතත්, අප්‍රේල් 1 වන දින සිට ආනයනය කරන ලද වාහන සඳහා, පවතින බදු වලට අමතරව 2.5% සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) පමණක් එකතු කරනු ලැබේ. වාහන ආනයනකරුවන් විසින් දරනු ලබන එකම අමතර වියදම මෙය බව සංගමය තවදුරටත් ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.