ඇයි අපිට බනින්නේ අපිට මැජික් පොල්ලක් නෑ අපි භාරගත්තේ බංකොළොත් භාණ්ඩාගාරයක් - ඇමති වසන්ත
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරුණේ හිස් වූ බංකොලොත් භාණ්ඩාගාරයක් මිස රටේ ප්‍රශ්න එක රැයින් විසඳිය හැකි මැජික් පොල්ලක් නොවන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
අනුරාධපුර, විජයපුර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, පසුගිය පාලකයින් විසින් රට දැඩි ආර්ථික අගාධයකට ඇද දමා තිබූ පසුබිමක, වත්මන් රජය ක්‍රමවත් සහ විනිවිදභාවයකින් යුතු වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට පියවර ගනිමින් සිටින බවයි.
අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්
ජනතාව අපේක්ෂා කරන සැබෑ වෙනස උදා කිරීම සඳහා යම් කාලයක් ගතවන බැවින්, පටු දේශපාලන විවේචන පසෙක ලා රට ගොඩනැඟීමේ මෙම අසීරු ගමනට සමස්ත ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වන බවද හෙතෙම එහිදී අවධාරණය කළේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ,
"අපි ආණ්ඩුව අරගෙන අවුරුදු දෙකක් ඔන්න මෙන්න. ඒ අවුරුදු දෙක ඇතුළේ අපට බනිනවා, බනිනවා. ඉතින් මොකද කරන්නේ නේ. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වුණාම මැජික් පොල්ලක් දුන්නේ නෑ අතට. අපේ ආණ්ඩුවට දුන්නේ බංකොලොත් වෙච්චි භාණ්ඩාගාරයක්. වාහනයක් ගේන්න බෑ. පොහොර ටික ගේන්න බෑ. තෙල් ටික ගේන්න බෑ. රටේ සංවර්ධනය ඇන හිටලා තිබුණේ. එහෙම තිබුණු රටක්" යනුවෙන්.