කෙහෙල්බද්දර පද්මට අයිති නුවරඑළියේ අයිස් ෆැක්ටරිය ගැන තොරතුරු නෑ..- පොලිසිය

Report

නුවරඑළිය ප්‍රදේශයෙන් 'අයිස්' නම් මත්ද්‍රව්‍ය නිපදවීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගැනීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු නිවැරදිව තහවුරු කරගැනීමට මෙතෙක් හැකි වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි එෆ්.යු. වුට්ලර් මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවැත්වූ කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මෙම තත්ත්වය අනාවරණය කළ අතර, නුවරඑළිය ස්ථානය පිළිබඳ ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන සිදුකරමින් සිටින බවත් සඳහන් කළේය.

හදිසියේම කෙහෙල්බද්දර පද්මේගේ මිලියන ගාණක දේපල පොලිස් භාරයට

හදිසියේම කෙහෙල්බද්දර පද්මේගේ මිලියන ගාණක දේපල පොලිස් භාරයට

"නිසි තොරතුරු සොයාගැනීමටත් පෙර ඒ පිළිබඳව කරුණු අනාවරණය කිරීමට අපි බැඳී නැහැ. මෙවැනි අවස්ථාවකදී ඉක්මනින් තොරතුරු හෙළිදරව් කිරීම විමර්ශන කටයුතුවලට බාධාවක් වීමට හැකියි. ඒ සඳහා කිසිදු බාධාවක් නැහැ," යනුවෙන් වුට්ලර් මහතා අවධාරණය කළේය.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඉදිරියේදී ලබාදීමට හැකියාව ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

'කෙහෙල්බද්ධර පද්මේ' නැමැත්තාගේ නම සම්බන්ධ 'අයිස්' නිෂ්පාදනය පිළිබඳ මෑතකදී හෙළිවූ තොරතුරුවලට සම්බන්ධ බව පෙනෙන අතර, සැප්තැම්බර් මාසයේදී නුවරඑළියේ ගෙවිල්ලක රුපියල් මිලියන 4කට මිලදීගත් නිවසක 'අයිස්' කර්මාන්තයක් ස්ථාපිත කිරීමේ සැලැස්මක් හෙළිවූ බව වාර්තා විය. එහිදී කිලෝග්‍රෑම් 2,000කට වැඩි රසායනික ද්‍රව්‍ය ආනයනය කර තිබූ බවත්, පකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු සමඟ එක්ව ක්‍රියාත්මක වූ බවත් පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. මෙම සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශන තවදුරටත් සිදුකරමින් සිටින බවද වාර්තා වේ.

වැලිගම ලසන්ත ඝාතන සිද්ධිය පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 4ක්

වැලිගම ලසන්ත ඝාතන සිද්ධිය පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 4ක්

පියල් මනම්පේරි 29 දක්වා යළි රිමැන්ඩ්

පියල් මනම්පේරි 29 දක්වා යළි රිමැන්ඩ්