බස් නැවතුම්පොළවලදී කප්පම් ගන්න අයට වැඩ වරදියි- නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් පෞද්ගලික බස් සේවකයන්ට හදිසි නිවේදනයක්

By Kanchana Oct 13, 2026 11:53 AM GMT
Report

ප්‍රසිද්ධ බස් නැවතුම්පොළවලදී පෞද්ගලික බස්රථවලින් නීති විරෝධී ලෙස මුදල් අය කර ගැනීමට කිසිදු පුද්ගලයෙකුට නීතිමය බලයක් හෝ අවසරයක් නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ඔහු ප්‍රකාශ කළේ එමෙන්ම එවැනි මුදල් අය කිරීම් වැළැක්වීම සඳහා බස්රථ සේවකයන් දැනුවත් කර ඇති අතර, අදාළ සිදුවීම් වාර්තා වුවහොත් ශ්‍රී ලංකා පොලීසිය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නයකට 2026 ඔක්තෝබර් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමිනි

දැනට දිවයින පුරා පෞද්ගලික බස්රථ 19,646ක් ධාවනය වන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරනු ලබයි

තවද පළාත් පෞද්ගලික බස්රථ සේවා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් නියාමනය කෙරෙන අතර, පළාත් තුළ ධාවනය වන බස්රථ අදාළ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් නවය මගින් නියාමනය කරනු ලබන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ 

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්

මැදපෙරදිග යුද්ධය අස්සේ තෙල් මිල අහස උසට යද්දී ලංකාවේ රජය ගත්ත හදිසි තීරණය මෙන්න

මැදපෙරදිග යුද්ධය අස්සේ තෙල් මිල අහස උසට යද්දී ලංකාවේ රජය ගත්ත හදිසි තීරණය මෙන්න