මම දන් නැති නිසා අහන්නේ හැත්තෑ අවුරුදු ශාපයක් තුළ ආණ්ඩුවේ 159 දෙනා විතරක් කොහොමද කෝටිපතියන් වූණේ, නාමල්ට ගැටලුවක්

Report

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් රටේ ජනතාව කෙසේ වෙතත් ආණ්ඩුවේ එකසිය පනස් නව දෙනා නම් පොහොසත් වුණු ආකාරය වත්කම් බැරකම් ප්‍රකාශවලින් හොදින්ම දුටු බව ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදීයි. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීයි.

එසේම හැත්තෑ අවුරුදු ශාපයක් තුළ කෝටිපතියන් වූයේ කෙසේදැයි ප්‍රශ්නයක් බවද ඔහු පැවසුවා.

සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ තවත් ලොක්කෝ බර ගාණක් වත්කම් පෙන්නලා නෑ, ලිස්ට් එක මෙන්න

සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ තවත් ලොක්කෝ බර ගාණක් වත්කම් පෙන්නලා නෑ, ලිස්ට් එක මෙන්න

තවද අවුරුදු 76 දී කෝටිපතියන් නොවුනානම් පහුගිය අවුරුදු කිහිපයේදී කෝටිපතියන් වූයේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව කියූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ ප්‍රශ්නයටත් එක එක අය එක එක විදිහට පිළිතුරු ලබාදී ඇති බව ද සඳහන් කළා.

ඊට අමතරව ධීවර කර්මාන්තය රබර් කර්මාන්තය බිඳ වැටී ඇති බවත් විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට අද තියෙන ලොකුම වේදනාව රැවටුණු එක බවත් නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත.

ඒ අනුව බය කරලා දේශපාලනය කරපු කාලය ඉවරයි යැයිද මන්ත්‍රීවරයා අවධාරණය කර තිබෙනවා.

ඊට අමතරව ධීවර කර්මාන්තය 34% කින් වැටී ඇතැයිද මෙහෙම ගියොත් පිටින් මාළු ගෙනවිත් කන්න සිදුවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාධනය සහ අයිතිවාසිකම් ගැන රජයෙන් සතුටුදායක ආරංචියක්

වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාධනය සහ අයිතිවාසිකම් ගැන රජයෙන් සතුටුදායක ආරංචියක්