ශ්රී ලංකන් හිටපු සභාපති අත්අඩංගුවට
ශ්රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව බව වාර්තා වේ.
නිශාන්ත වික්රමසිංහ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයෙකු ද වේ.