ලුණු ගැන දැන් කතා කරන්න දෙයක් නෑ! - ඇමති වසන්ත

Report

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලුණු අවශ්‍යතාවය සපුරාලීම සඳහා මෙට්‍රික් ටොන් 200,000ක් ආනයනය කිරීමට දැනටමත් අවසර ලබාදී ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලක ඒකකයෙන් මෙට්‍රික් ටොන් 200,000ක් ආනයනය කිරීමට අවශ්‍ය අවසර ලබාගෙන තිබෙනවා. එය ලක්ෂ දෙකක්, එනම් වසරකට අවශ්‍ය ලුණු ප්‍රමාණයයි. ඒ අනුව, ලුණු පිළිබඳ තවදුරටත් කතා කිරීමට හැකියාවක් නොමැති වන පරිදි, දැන් අපි ලුණු ආනයනය කිරීමට සූදානම් වෙනවා.

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක

ජුනි 10 වන දින වන විට විශාල ලුණු තොගයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ඊටත් පෙර, ලුණු ප්‍රශ්නය දැනටමත් විසඳී ඇති බවත්, ඊයේ දිනයේදී වරායෙන් මෙට්‍රික් ටොන් 4,192ක් නිදහස් කර බෙදා හැරීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 'ලුණු ප්‍රශ්නය ඉවරයි,' ඔහු අවධාරණය කළේ.

ප්‍රශ්නය: "ඔබතුමන්ලා බලයට පත්වීමට පෙර, ලුණු ආනයනය නොකර, රට තුළම නිෂ්පාදනය කරන බව පැවසුවා. දැන් ඒ ගැන කුමක් කියන්නද?"

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

පිළිතුර: "ඔව්, ලුණු නිෂ්පාදනය යනු ගඩොලක් කැපීම වැනි සරල ක්‍රියාවලියක් නොවෙයි. අපට ස්වයංපෝෂිත ලුණු කර්මාන්තයක් තිබුණා. නමුත් කාලගුණ තත්වයන් හේතුවෙන්, අවශ්‍ය වේළාවට අස්වැන්න වැඩිපුර ලබාගැනීමට තිබූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. ඒ නිසා, රට තුළ ලුණු කර්මාන්තශාලා දෙක තුනක් ආරම්භ කිරීමට සැලසුම් කරනවා. හිඟයක් ඇති වූ විට, කොහෙන් හෝ භාණ්ඩ ගෙනවිත් ජනතාවට ලබාදීම ආණ්ඩුවේ වගකීමයි. අපි එම වගකීම ඉටු කරමින් සිටිනවා."

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ මැයි 31 වන දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෝටි දහයක් ශාසනයට පුජාකළ කෝටිපතියා

කෝටි දහයක් ශාසනයට පුජාකළ කෝටිපතියා