වෙනිසියුලානු ජනාධිපති හා ජනාධිපති ආර්යාව අද මැන්හැට්න් දිස්ත්‍රික් අධිකරණයට
වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ජනාධිපති ආර්යාව වන සීලියා ෆ්ලෝරස්, අද (05) අමෙරිකාවේ මැන්හැට්න් දිස්ත්‍රික් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙරට වේලාවෙන් අද රාත්‍රී 10.30ට පමණ අධිකරණය කටයුතු ආරම්භ වන්නේ, දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් හෙලර්-ස්ටයින් ඉදිරියේදි වේ .
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ චෝදනා පත්‍රයට අනුව, මදුරෝ ජනාධිපතිවරයා වෙනිසියුලානුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් පෝෂණය වූ දූෂිත, නීති විරෝධී රජයක් පවත්වාගෙන යන බව වාර්තා වේ.
අමෙරිකාව විසින් නගන මූලික චෝදනාව වන්නේ නීති විරෝධී මත්ද්‍රවය ටොන් දහස් ගණනක්, අමෙරිකාවට ප්‍රවහනය කිරීම සඳහා ලෝකයේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදීන් සමඟ, වෙනිසුවෙලානු ජනාධිපතිවරයා එක්ව කටයුතු කර තිබෙන බවයි .
ඒ අනුව, මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදී කුමන්ත්‍රණ වලට සහය වීම, කොකේන් ඇතුළු මත්ද්‍රවය ආනයන කිරීමට කුමන්ත්‍රණය කිරීම, සහ ස්වයංක්‍රීය ගිනි අවි ඇතුළු විනාශකාරී අවි ළඟ තබා ගැනීම වෙනිසියුලානු ජනාධිපතිවරයාට එල්ල වන චෝදනා අතරට ඇතුලත් වේ.
ඒ වගේම අමෙරිකානු බලධාරීන් නිකලස් මාදුරෝ ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන නිකලස් මාදුරෝ ගුවේරාට එරෙහිවද චෝදනා ගොනු කර තිබෙන බව සදහන් වේ.
නමුත් සෙනසුරාදා සිදුකල මෙහෙයුමේදී, ඔහු, අමෙරිකානු හමුදා ග්‍රහණයට ලක්වූයේ නැත.
තවද වීඩියෝ පටයක් මුදාහරිමින් නිකලස් මදුරෝ ගුවේරා වෙනිසියුලානු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ වීදි බැස, අමෙරිකාවට සිය විරෝධය පළ කරන ලෙසයි.