විභාග දෙපාර්තමේන්තුවෙන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ විශේෂ ප්‍රකාශයක්
ඊයේ පවත්වා අවසන් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පූර්ව ඇගයීම් කටයුතු අද දින (11) ආරම්භ වූ බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එයට අනුව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ පවසන ආකාරයට සියලු උපදෙස් රැස්වීම් පවත්වා අවසන් කර ලබන 22වනදා සිට 27වනදා දක්වා දින 6ක් මධ්‍යස්ථාන 43කදී ඇගයීම් ක්‍රියාවලිය සිදු වන බවයි.
ලබන සැප්තැම්බර් මස 20වනදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කරයි.