අද පිටකොටුවේ වෙළඳසල්වල කරන්න යන දේ - ජාතික වැඩසටහනක්
පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය විමසා බැලෙන ‘V – ප්‍රමිති’ ජාතික වැඩසටහන අද (28) දින පිටකොටුවෙන් ඇරඹෙන බව සඳහන්. ඒ Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීවයි.
මෙය ජාතික සුපිළිපන් සතිය නිමිත්තෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධාන කර ඇත. එසේම මෙම විශේෂ වැඩසටහන යටතේ පිටකොටුව පොදු වෙළඳපොළේ පිහිටි වෙළඳසල් වෙත ගොස් පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට සාම්පල ලබා ගැනීමට නියමිත බව සඳහන්.
එහිදී විශේෂයෙන්ම වීදි ආහාර, පොල්තෙල්, සෙල්ලම් බඩු, හකුරු සහ පැණි වර්ග, රූපලාවණ්‍ය ද්‍රව්‍ය මෙන්ම විදුලි උපකරණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙන බව පවසයි.
කෙසේ වෙතත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සහ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වෙළඳපොළ තුළ සංසරණය වීම වැළැක්වීමයි.
එමෙන්ම පාරිභෝගිකයා අතට ගුණාත්මක භාණ්ඩ පත් කිරීම මෙන්ම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන සිදු කිරීමට දේශීය ව්‍යවසායකයින් දිරිමත් කිරීම ද මෙහිදී අපේක්ෂා කෙරෙන බව සඳහන්.