පාසල් නිවාඩුවට කරන්න යන අලුත් දේ මෙන්න

Report

එළැඹෙන පාසල් නිවාඩුවට සමගාමිව විශේෂ දුම්රිය ධාවන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සාමය සැලකිල්ලට ගෙන මෙම විශේෂ දුම්රිය ධාවනය කරනු ලබයි.

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන සැලසුම ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

දුම්රිය සැලැස්ම පහතින්,

1.විශේෂ දුම්රිය

කොළඹ කොටුව සිට බදුල්ල

2025.03.12, 14, 16.21.23, 28 සහ 31 යන දිනවල ධාවනය වේ.

කොළඹ කොටුව පිටත්වීම රාත්‍රී 7.30

2.විශේෂ දුම්රිය

බදුල්ල සිට කොළඹ කොටුව

2025.03.12, 14, 16, 21, 23, 28 සහ 31 යන දිනවල ධාවනය වේ.

බදුල්ල පිටත් වීම සවස 5.20

3.විශේෂ දුම්රිය

කොළඹ කොටුව සිට කන්කසන්තුරය

2025.03.13 සිට 2025.03.31 දක්වා දිනපතා ධාවනය වේ.

කොළඹ කොටුව පිටත් වීම පෙ.ව 5.30

4.විශේෂ දුම්රිය

කන්කසන්තුරය සිට කොළඹ කොටුව 2025.03.13 සිට 2025.03.31 දක්වා දිනපතා ධාවනය වේ.

කන්කසන්තුරය පිටත් වීම ප.ව. 13.50

රන් මිලෙහි එක්වරම සිදු වූ වෙනස.

රන් මිලෙහි එක්වරම සිදු වූ වෙනස.

ඔන්ලයින් ණය මාෆියාවේ සැඟවුණු පැතිකඩ

ඔන්ලයින් ණය මාෆියාවේ සැඟවුණු පැතිකඩ

 

Gallery