දරුණු අනතුරක් - කැබ් රථයක ගැටී භික්ෂූන් වහන්සේ 8නමක් අපවත් වෙති

Report

තායිලන්තයේ ඊසානදිග කලාපයට අයත් මුක්දහාන් පළාතේ පාගමනක නිරත වෙමින් සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක්, 11 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු ධාවනය කළ කැබ් රථයකට බිලිවීමෙන් මහ සඟරුවනේ අට නමක් අපවත් වී ඇති බව එරට ආරක්ෂක අංශ තහවුරු කරයි.

මෙම අවාසනාවන්ත ඛේදවාචකයෙන් තවත් භික්ෂූන් වහන්සේලා 13 නමකට බරපතළ තුවාල සිදු වී ඇත.

මුවැන්ග් දිස්ත්‍රික්කයට අයත් බන් නා සි නුවාන් ප්‍රදේශයේදී අද (02) මධ්‍යහ්න 12.00 ට පමණ මෙම මාරක රිය අනතුර සිදුව තිබේ.

මිස්ටර් කොත්තුට ආයෙත් වැඩ වරදියි - රජයෙන් විශේෂ නියෝග කීපයක් සමඟ සියලු ශාඛාත් පරික්ෂාවට

මිස්ටර් කොත්තුට ආයෙත් වැඩ වරදියි - රජයෙන් විශේෂ නියෝග කීපයක් සමඟ සියලු ශාඛාත් පරික්ෂාවට

අනතුර සිදු වූ වහාම ක්‍රියාත්මක වූ සහන සේවා සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟාවන විටත්, රථයේ ගැටුණු භික්ෂූන් වහන්සේලා රැසක් මාර්ගය අසල බිම වැටී සිටි බව වාර්තා වේ.

ගැටුමේ දරුණුකම හේතුවෙන් උන්වහන්සේලා පස් නමක එම ස්ථානයේදීම අපවත් වී ඇති අතර, ජීවිත බේරාගැනීම සඳහා කඩිනමින් රෝහල්ගත කළ හිමිවරුන් අතරින් තිදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහල තුළදී අපවත් වී තිබේ.

අනතුරෙන් තුවාල ලැබූ අනෙකුත් භික්ෂූන් වහන්සේලා 13 නම මේ වන විට අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කර හදිසි ප්‍රතිකාර සේවා වෙත යොමු කර ඇත.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, අනතුරට හේතු වූ කැබ් රථය පදවා ඇත්තේ කිසිදු රියදුරු බලපත්‍රයක් නොමැති 11 හැවිරිදි කුඩා දරුවෙකු බවයි.

මේ රාජ්‍ය ආයතනවල නව වෙනසක් - මුදල් ගෙවීමට නව ක්‍රමයක්

මේ රාජ්‍ය ආයතනවල නව වෙනසක් - මුදල් ගෙවීමට නව ක්‍රමයක්

ඔහු සිය දෙමාපියන්ගේ හෝ භාරකරුවන්ගේ කිසිදු දැනුවත්භාවයකින් තොරව හොර රහසේම මෙම වාහනය පාරට දමාගෙන විත් මෙම මහා විපත සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තායිලන්ත පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.