රුපියල් 25000 ගන්න ජනපතිගෙන් නව කිව්.ආර්.කේතයක්..වැඩේ වෙන්නෙ මෙහෙමයි.

Anura Kumara Dissanayaka Ministry of Agriculture AKD
By Aruna Oct 04, 2024 12:42 AM GMT
Aruna

Aruna

Report

රජය ලබාදෙන පොහොර සහනාධාර මුදලින් පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට කිව්.ආර්.කේතයක් නිකුත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම නිලධාරීන්ට ඊයේ (03) උපදෙස් දුන් බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන ලෙසත්,මෙවර මහ කන්නයේදී (2024/25) එය ක්‍රියාත්මක කිරීමට අපහසුනම් ලබන යල කන්නයේ සිට එය ක්‍රියාවට නංවන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස වැඩ භාර ගැනීම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශයට ඊයේ (03) පැමිණි අවස්ථාවේදී පොහොර සහණාධාර වැඩපිළිවෙළ පිළිබදවද නිලධාරීන් සමඟ සාකච්ඡා කළා.

අද වැල්ලෙත් බඹරෙ කැරකෙන ප්‍රබල ග්‍රහ යෝගයක්..ලග්න 06කට ඉතාමත් ශුභයි..ටිකට් එකක් ගන්නත් සුපිරි ධන යෝගයක්.

අද වැල්ලෙත් බඹරෙ කැරකෙන ප්‍රබල ග්‍රහ යෝගයක්..ලග්න 06කට ඉතාමත් ශුභයි..ටිකට් එකක් ගන්නත් සුපිරි ධන යෝගයක්.


මෙවර මහ කන්නයේ සිට හෙක්ටයාර් එකක් සඳහා පොහොර සහනාධාරය රුපියල් 25,000 ක් දක්වා වැඩිකර ඇත.

ගොවීන්ට රුපියල් 25,000 ක මුදලක් ඔවුන්ගේ ගිණුම් සඳහා බැර කළත්,ඔවුන් පොහොර මිලදී ගත් බවට තිබෙන සහතිකය කුමක්දැයි ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් විමසා ඇත.

ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ, මෙම මුදලින් ගොවීන් පොහොර මිලදී නොගෙන එය වෙනත් කටයුත්තක් සඳහා යෙදවුවහොත් බලාපොරොත්තු වන අස්වැන්න වැඩි කර ගැනීමේ ගැටලු මතුවන බවයි.

වගා බිම්වලට අවශ්‍ය පොහොර නියමාකාරයෙන් යෙදියයුතු බැවින් ගොවීන්ට කිව්.ආර්.කේතයක් නිකුත් කරන ලෙසත්,එවිට ගොවීන් පොහොර මිලදී ගැනීමේදී එය පොහොර වෙළෙඳ සලට ඉදිරිපත් කළ යුතු බවයි ජනපතිවරයා වසා ඇත්තේ.

ඒ අනුව,සහණාධාර මුදලින් ගොවීන් පොහොර මිලදී ගත්තේද,නැතිද යන්න පහසුවෙන් සොයාගත හැකි බවද ජනාධිපතිවරයා පැවසූ බවයි ලේකම්වරයා කියා සිටියේ.

අදාළ කිව්.ආර්.කේතය ගොවීන්ගේ ජංගම දුරකථනය හරහා භාවිතා කිරීමට හැකි පරිදි මෙම වැඩපිළිවෙළ සකස් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.