නව විෂය මාලාවක් සමඟින් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්

Report

ප්‍රමිතිගත පූර්ව ළමාවිය අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමේ අරමුණින් 2027 වසරේ සිට නව පූර්ව ළමාවිය අධ්‍යාපන විෂය මාලාවක් ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා.

එසේම මේ සඳහා වන ගුරු පුහුණුකිරීමේ වැඩසටහන එළඹෙන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද වාර්තා වේ.

ඇය මේ බව කියා සිටියේ ජාතික අධ්‍යාපන ආයතනයේ මුල් ළමාවිය සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලා ජාතික ප්‍රතිපත්ති රාමුව හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින්.

එම අවස්ථාවේදී පූර්ණ ළමාවියට අඳාළ විෂය මාලා රාමුව දැක්වෙන ජාතික අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් පිටුව එළිදැක්වීමද සිදු කර ඇත.

මේ උසස්පෙළ සිසුන්ට විශේෂ දැනුවත්කිරීමක්

මේ උසස්පෙළ සිසුන්ට විශේෂ දැනුවත්කිරීමක්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් වේ

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් වේ

අනිද්දා ඉඳන් බස්වල යන්න ඕනේ මෙහෙමයි

අනිද්දා ඉඳන් බස්වල යන්න ඕනේ මෙහෙමයි