ජනපති අනුරට සැකයක්..මැතිවරණයෙන් පසුව කරන්න යන දේ මෙන්න..

Election Commission of Sri Lanka Anura Kumara Dissanayaka General Election 2024 AKD
By Aruna Nov 11, 2024 05:36 AM GMT
Aruna

Aruna

Report

බහුතර බලයක් ඇති පාර්ලිමේන්තුවක් ගොඩනැඟීම පිළිබඳ උද්ගතව ඇති සැකය හේතුවෙන් මේ වන විට ජනාධිපති අනුර දිසානායක මහතා හවුල් ආණ්ඩු පිහිටුවීම පිළිබඳව උතුරේ දමිළ පක්ෂ හා මුස්ලිම් පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව සජබ මහනුවර කණ්ඩායම් නායක තිස්ස අත්තනායක මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මේ වන විට මාලිමා පාලනය පිළිබඳ ජනතාවගේ විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටෙමින් පවතින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ හෙතෙම මෙසේ කියා සිටියා. 

රන්ජන්ගේ පක්ෂය අද රෑ සිට හොර රහසේ කරන්න හදපු වැඩක් මාට්ටු වෙයි..

රන්ජන්ගේ පක්ෂය අද රෑ සිට හොර රහසේ කරන්න හදපු වැඩක් මාට්ටු වෙයි..


අද රටේ පවතින දේශපාලන තත්ත්වය ඉතාමත් අවිනිශ්චිතයි. සති හයක ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය ක්‍රමක්‍රමයෙන් බිඳ වැටෙමින් පවතිනවා. ඒ කියන්නේ ඉදිරි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය කාටවත් ගන්න බැරි බවයි.

ඉදිරියේදී සමබර පාර්ලිමේන්තුවත් තමයි බිහිවෙන්නේ. ඒක ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලයෙන් මොනවට පිළිබිඹු වුණා.

කාටහරි තුනෙන් දෙකේ බලයක් හෝ ඊට වැඩි බලයක් ලැබෙනවා නම් ඒක ඉතාමත් භයානක තත්ත්වයක්. ඒකාධිපති පාලනයකට වුණත් යන්න පුළුවන්.

මේ රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න ටිකවත් විසඳන්න බැරි බව මේ තාවකාලික ආණ්ඩුව දැන් ඔප්පු කරලා තියෙනවා.

වෙරළට කිලෝමීටර 40ක් දුරින් ප්‍රබල භූමිකම්පා දෙකක්..සුනාමි අනතුරු අගවයි?..

වෙරළට කිලෝමීටර 40ක් දුරින් ප්‍රබල භූමිකම්පා දෙකක්..සුනාමි අනතුරු අගවයි?..


මේ අය කිසිම සැලසුමක් නැතිවයි බලයට ආවේ. ඒ අය වේදිකාවල හැමදෙනාම විවේචනය කර කර හිටියා මිසක් රට ඉදිරියට ගෙන යන ක්‍රමයක් ගැන සැලසුමක් තිබුණේ නෑ. එයාලා ආපු ගමන් ඉන්ධන මිල අඩු කරනවා කීවා.

විදුලි බිල අඩු කරනවා කීවා. නමුත් එකක්වත් කීව විදිහට වුණේ නෑ. මේ අය දැන් ඉදිරි වසර සඳහා අය – වැයක් ඉදිරිපත් කිරීමේ බරපතළ ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා.

දැන් 2027 වසරේ ඉඳලා ණය ගෙවන්න පටන් ගන්න ඕනේ. මේ රට බංකොලොත් වෙලා. සංවර්ධන කටයුතු නැවතිලා. ජනතාවට සහන දෙන්න ඕනේ. මේවා කරන්න කිසිම සැලසුමක් නෑ. වේදිකාවල කෑගහනවා වගේ ලේසියෙන් මේවා කරන්න බෑ. සිල්ලර බඩු කඩයක්වත් නොකරපු අයට ආණ්ඩුවක් කරන්න පුළුවන්ද? ඕනම දේකට පළපුරුද්ද ඕනේ. අපේ නම් අදහස පළපුරුදු මන්ත්‍රිවරු කිහිපදෙනෙක්වත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියන එකයි.

ප්‍රධාන මාධ්‍ය ආයතනයකට අද ආරක්ෂක වැටවල් කඩාගෙ කාර් රථයක් ඇතුළු වෙයි.(PHOTOS)..

ප්‍රධාන මාධ්‍ය ආයතනයකට අද ආරක්ෂක වැටවල් කඩාගෙ කාර් රථයක් ඇතුළු වෙයි.(PHOTOS)..


ඔක්කොම අලුත් මුහුණු දාගෙන කියන විදිහට කරන්න බෑ. අද රනිල් වික්‍රමසිංහ නැවතත් කරළියට ඇවිල්ලා ඉන්නේ සජබ ඡන්ද ටික කඩන්නයි. ඒ හැර එයාට වෙන අරමුණක් නෑ. ඕනෑම මැතිවරණයක තුන්වැනියෙක් එනවා කියන්නෙ ඡන්ද කඩන්න කරන කොන්ත්‍රාත්තුවක් තමයි.

අද එයා ඒක තමයි ඉටුකරමින් ඉන්නේ. 

ReeCha