රාජ්‍ය සේවයට නව නිලධාරීන් බඳවාගැනීම් - පත්වීම් ලිපි ප්රදානය
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නව නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය අද (05) පැවැත්වීමට නියමිතව තිබේ.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය පෙරවරු 9.00ට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.
දිවයිනේ ජලජීවී වගා ක්ෂේත්රය සහ සාගර සම්පත් වඩාත් කාර්යක්ෂම ලෙස සංවර්ධනය කිරීම මෙන්ම ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම නව නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කර තිබේ.