අද ඡන්දෙ දාන්න යන හැමෝම මේ ගැන අවධානයෙන් යන්න..
දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (14 වැනිදා) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනය අනුව ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස්හතර දෙනෙකු (17,140,354) සුදුසුකම් ලබා සිටිනවා.
නිවාස 6,476,670 ක පදිංචිව සිටින ඡන්දදායකයින් මෙවර ඡන්දය සළකුණු කරයි.
මැතිවරණ කොමිෂන් සභාවේ දේශපාලන පක්ෂ 83 ක් ලියාපදිංචි අතර,ඉන් දේශපාලන පක්ෂ 49 ක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරනු ලැබේ.
මේ අනුව, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,361 ක් නාමයෝජනා බාරදුන් අතර, ජාතික ලැයිස්තුව මගින් නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 527 කි.මේ අනුව, සමස්ත අපේක්ෂකයින් සංඛ්‍යාව 8,888 කි.
දස වැනි පාර්ලිමේන්තුව සඳහා මහජනතාවගේ ඡන්දයෙන් සභිකයින් 196 දෙනකුද, ජාතික ලැයිස්තුව මගින් සභිකයින් 29 දෙනකුද තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත.
මෙවර මැතිවරණයේදී ඡන්දදායිකාවන් සඳහා පමණක් වෙන්වූ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 107 කි. සමස්ත ඡන්ද මධ්‍යස්ථාන 13,421 අතුරින් 6,147 ක් තනි පෝලිමකින්ද, 7,274 ක් පෝලිම් දෙකකින්ද යුතු බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියි.
මෙවර මැතිවරණයේ විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල සලකුණු කිරීමයි.
ඉකුත් ජනාධිපතිවරණයේදී සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සුළැඟිල්ල සහ මහපට ඇගිල්ල සලකුණු කිරීම හේතුවෙන් මෙවර වම් අතෙහි දබර ඇඟිල්ල සළකුණු කෙරෙන බවද කොමිසම සඳහන් කර සිටී.
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, ඡන්දපොලට ඇතුළුවන දොරටුවේ සිට මීටර් භාගයක දුර ප්‍රමාණයක් ඇතුළතදී කිසිම තැනැත්තෙකු විසින් ඡන්දය ආයාචනා කිරීම, යම් ඡන්ද හිමියෙකුගෙන් ඡන්දය ඉල්ලීම,යම් අපේක්ෂකයෙකුට ඡන්දය නොදෙන ලෙස යම් ඡන්ද හිමියෙකු පෙළැඹවීම, අත් පත්‍රිකා, දැන්වීම්, යම් අපේක්ෂකයෙකුට වෙන්කර ඇති යම් ලකුණක් බෙදාදීම,ප්‍රදර්ශනය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවයි.
මැතිවරණයේ ඡන්දය විමසීමේ කටයුතු පස්වරු 4.00ට අවසන් වීමෙන් පසු තැපැල් ඡන්දය ගණන් කිරීමේ කටයුතු පස්වරු 4.15 ට පමණ ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා තිබේ.
අනෙකුත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු රාත්‍රී 7.15 ට පමණ ආරම්භ කරන බවද එම කොමිසම සඳහන් කරයි.
මැතිවරණ කොට්ඨාස 22 හි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 54 කදී ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර, ගණන් කිරීමේ ශාලා සම්පූර්ණ සංඛ්‍යාව 1,582 ක්.
මෙම ශාලා අතුරින් 452 කදී තැපැල් ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර,සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලා සංඛ්‍යාව 1,582 කි.
ඡන්දය ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් 80,000 ක් යොදවා ඇත.
පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 12.00 ට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිසම කියා සිටියේ.
-
NPP 1682127
Jathika Jana Balawegaya
67.2% -
SJB 387205
Samagi Jana Balawegaya
15.47% -
NDF 125137
New Democratic Front
5% -
SLPP 94867
Sri Lanka Podujana Peramuna
3.79% -
OTHERS 213805
All Other Parties
8.54%