මේ විෂය ක්ෂේත්‍රවල ඉගෙන ගන්න සිසුන්ට සුබම සුබ ආරංචියක්

Report

මෙරට වෛද්‍ය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් නිශ්චිත ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය.

මෙම විෂය ක්ෂේත්‍ර දෙක සඳහා මෙතෙක් විධිමත් ජාතික ප්‍රතිපත්ති මාලාවක් නොතිබීම හේතුවෙන් ගැටලු රැසක් උද්ගත වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

සජබයේ වෙනසක් පක්ෂය ගත් අලුත් තීරණය මෙන්න

සජබයේ වෙනසක් පක්ෂය ගත් අලුත් තීරණය මෙන්න

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මූලිකත්වය ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර, අදාළ කමිටු මගින් ක්ෂේත්‍රයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ආරක්ෂා වන පරිදි නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට අමතරව, විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙමින්, සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු හැකි ඉක්මනින් පුරවන ලෙස සියලුම උපකුලපතිවරුන්ට දැනුම් දී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පොහොසත් දුප්පත් පරතරය වැඩි වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළි කරයි

පොහොසත් දුප්පත් පරතරය වැඩි වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළි කරයි

මෙම පියවර හරහා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින පරිපාලනමය සහ අධ්‍යයන බාධා ඉවත් කිරීමට රජය අපේක්ෂා කරයි.