වදුරෙක් පිටින් ගිය රට පුරා එකවර විදුලිය බිඳ වැටීම ගැන එලියට ආපු අලුත්ම කතාව...

Report

 දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටුණු පසුගිය ඉරිදා ලංකා විදුලිබල මණ්ඩලයේ බත්තරමුල්ල - පැලවත්ත ප්‍රදේශයේ පිහිටි පද්ධති පාලන මධ්‍යස්ථානයේ කළමනාකරණ අංශයේ රාජකාරියේ නියුතුව සිටිය යුතු ඉංජිනේරුවන් තුන්දෙනා නොසිටි බවට තොරතුරු ලැබී ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.

මේ අතර හෙට දිනයේ දීත් විදුලිය කප්පාදුවක් සිදු කරන්නේ ද, නැද්ද යන්න තීරණය හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

රට රස්සාවට ගිහින් අමාරුවේ වැටුණු ඔයාගේ සමීපතමයා ගැන බයෙන්ද හිටියේ..මෙන්න සුබ ආරංචියක්..

රට රස්සාවට ගිහින් අමාරුවේ වැටුණු ඔයාගේ සමීපතමයා ගැන බයෙන්ද හිටියේ..මෙන්න සුබ ආරංචියක්..

පසුගිය ඉරිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිද වැටීම හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟු‍‍‍රු බලාගාරයේ ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වීමත් සමග අක්‍රීය වූ ජනන යන්ත්‍ර යලි ජාතික පද්ධතියට එකතු කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතන බවද එම මණ්ඩලය ප්‍රකාශ කරනවා.

මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, අදාළ ජනන යන්ත්‍ර 3 හෙට දිනය වන විට ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇති බවයි.

ඒ අනුව එම යන්ත්‍ර බලගැන්වීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කර හෙට විදුලිය කප්පාදුවක් සිදු වන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් නිවේදනය කරනු ඇති.

හෙට වැලන්ටයින් එකට දෙන්න තෑග්ගක් ගැන හිත හිතද හිටියේ..හිතන්න දෙයක් නෑ මේ බලන්නකෝ නියම තෑග්ගක් අඩුවට..

හෙට වැලන්ටයින් එකට දෙන්න තෑග්ගක් ගැන හිත හිතද හිටියේ..හිතන්න දෙයක් නෑ මේ බලන්නකෝ නියම තෑග්ගක් අඩුවට..

මේ අතර අද දිනයේදීත් කාණ්ඩ 4ක් යටතේ දිවයින පුරා විදුලිය කප්පාදුව සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළා.

එවැනි පසුබිමක විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අවධාරණය කරන්නේ දිවයින පුරා විදුලිය බිඳවැටුණු පසුගිය පැලවත්ත පද්ධති පාලන මධ්‍යස්ථානයේ කළමනාකරණ අංශයේ රාජකාරියේ නියුතුව සිටිය යුතු ඉංජිනේරුවන් තුන්දෙනාම එහි නොසිටි බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඔවුන් මේ බව සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට අද පැමිණි අවස්ථාවේදීයි.

You may like this video