අද සිට ක්‍රියාත්මක වීමට නියමිත බස් ගාස්තු සංශෝධනය ගැන දැනුම්දීමක් - අධිවේගී මාර්ගවල බස් රථ ගාස්තුවත් ඉහළට
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව අද (06) සිට නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන අතර මෙම නව පියවර යටතේ සියයට 12 සිට සියයට 20 දක්වා ප්‍රතිශතාත්මකව බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පසුගියදා අනුමැතිය ලබා දුන්නේය.
ඒ අනුව මෙතෙක් රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ යන අතර ඊට සමගාමීව සුඛෝපභෝගී බස් රථ ගාස්තු සහ අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ ගාස්තු ද ඉහළ දමා ඇත.
ක්‍රියාත්මක වන මෙම නව බස් ගාස්තු සංශෝධනය පිළිබඳව බස් රථ සේවකයින් දැනුවත් කර ප්‍රවේශපත්‍ර යන්ත්‍ර යාවත්කාලීන කර ගැනීමට ද අවශ්‍ය උපදෙස් මේ වන විට ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් අද සිට දිවයින පුරා පරීක්ෂා කිරීමේ කටයුතු ද සිදුකිරීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කළේය.
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ යන්ත්‍ර යාවත්කාලීන කිරීමට තවත් දින 2ක් පමණ ගත වනු ඇති බවය.