බ්‍රිතාන්‍ය නව කැබිනෙට්ටුව..
By Piyumika
ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළ කම්කරු පක්ෂයේ විසි පස්දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය කැබිනට්ටුව පත්කර තිබේ .
ඊට කාන්තාවන් 11 දෙනෙකු ද අයත්ය.
මෙහිදී රේචල් රීව්ස් ට බ්‍රිතාන්‍ය පළමු කාන්තා චාන්සලර්වරිය බවට පත්වීමේ භාග්‍යයද හිමිවී ඇත .
නියෝජ්‍ය අගමැති ධුරය ලබාදී ඇත්තේ ඇන්ජලා රේනර් වෙතයි.
කම්කරු පක්ෂයේ නායක කෙයිර් ස්ටාමර්ට පෙරේදා පැවති මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ පාර්ලිමේන්තු ආසන 650න් ආසන 412ක ජයග්‍රහණයක් ලබාගනිමිනි.
ඔහුගේ නව කැබිනට් මණ්ඩලයේ මංගල රැස්වීම අද (06) පැවැත්වෙනු ඇත.