පුරප්පාඩු අධ්යක්ෂ ජනරාල් තනතුරු දෙකකට නව පත් කිරීම් සදහා අවසර..
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් ලෙස එන්.යූ.එන්.මෙන්ඩිස් සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස චමින්ද හෙට්ටිආරච්චි පත් කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එස්. ආලෝක බණ්ඩාර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත් කිරීමත් සමඟ එම තනතුර පුරප්පාඩු වී තිබුණා.
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් තනතුරට පැවරී ඇති පුළුල් රාජකාරී විෂය පථය සැලකිල්ලට ගෙනයි එම තනතුර සඳහා දැනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයෙකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එන්.යූ.එන්.මෙන්ඩිස් පත් කර තිබෙන්නේ.
එමෙන්ම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ඒ. ජගත් ඩී. ඩයස්ගේ සේවා කාලය දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිත අතර ජනවාරි 01 වැනිදා සිට එකී තනතුරට සුදුසු නිලධාරියෙකු පත් කළ යුතුව තිබුණා.
ඒ අනුවයි, දැනට ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි වාමින්ද හෙට්ටිආරච්චි එම තනතුරට පත් කිරීම සඳහා සුදුසු බවට හඳුනා ගෙන තිබෙන්නේ.
You may like this video