ක්‍රිකට් ලෝලීන් සතුටු කරමින්, ක්‍රීඩා ඇමති පංච පුද්ගල ක්‍රිකට් තේරීම් කමිටුව පත් කරයි..!
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා හිටපු නායක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල තේරීම් කමිටුවක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් නිල වශයෙන් පත් කර තිබේ.
අද රැස්වූ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ නම් 10න් නම් 7ක් අනුමත කර තිබුණා.
ඒ අනුව අනුමත නම්වලින් තේරීම් කමිටුව සඳහා පහත සඳහන් සාමාජිකයින් පස් දෙනෙකු පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇත.
- උපුල් තරංග (සභාපති)
- අජන්ත මෙන්ඩිස්
- දිල්රුවන් පෙරේරා
- තරංග පරණවිතාන
-
ඉන්දික ද සේරම්